ms_champika_lnw

උතුර ඒකීය – දකුණ ෆෙඩරල්…..බෙදුම්වාදීන්ගේ අරුම ලොජික්

උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කිරීම හරහා ඒ ප්‍රදේශ එක් කරගෙන ජීවත් වීමේ ඒකීය යෝජනාවක් ගෙන එන දෙමළ ජාතික සංධානය සහ බෙදුම්වාදී න්‍යායාචාර්‍යවරුන් දකුණට ඒ න්‍යාය කනපිට ගසා බෙදා වෙන් කිරීමේ ෆෙඩරල් යෝජනාවක් ගෙන ඒම පුදුම සහගත බව ගෙවිඳු කුමාරතුංග මහතා පෙන්වා දෙයි.

ජාතික ඒකාබද්ධතා කමිටුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව අවධාරණය කළේය.

ෆෙඩරල් ව්‍යවස්ථාවකට විරුද්ධ යයි අද කෙඳිරි ගාන චම්පික රණවක ඇමතිවරයා ඇතුළු හෙළ උරුමයද මේ බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධනයට අත් වැල් ඇල්ලූ බවද ගෙවිඳු කුමාරතුංග මහතා පෙන්වා දෙයි.”අගමැති වරයා නව ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා පොදු යෝජනාවක් ගෙනාවේ 8 දෙනෙකුගේ නම් සහිතවයි. අමාත්‍ය චමිපික රණවක මහතා ඒ අට දෙනාගෙන් කෙනෙක්. ඒවගේම මේ බෙදුම්වාදී ව්‍යවස්ථාව සමඟ අනුගත වුනු යෝජනා සහිත රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව නියෝජනය කළ කරුණාරත්න පරණවිතාන මහතා අද වන විට ජාතික හෙළ උරුමයේ සම සභාපති.” යැයි ඔහු පැවසීය.

‘අපි විරුද්ධ වෙන්නම්. ඔයාලා කරගෙන යන්න’ යනුවෙන් චම්පික-රතන හිමි ඇතුළු හෙළ උරුමය එදා ජනවාරි 8 ට පෙර රාජිත සේනාරත්න වැනි බෙදුම්වාදීන් සමග එකඟතාවයකට පැමිණ සිටි බව එකළ රාජිත සේනාරත්න මහතාගේ දුරකතන සංවාදයක හඬපටයක් හරහා සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය විය.

දෙස් විදෙස් දේශහිතෛශී ශ්‍රී ලාංකිකයනි අපමණ බාධක මැද පවතවාගෙන යන www.lankanewsweb.today වෙබ් අඩවියට ඔබගේ සහයෝගය අවැසිම මොහොතයි මේ.