ඉතිහාසයේ ප්‍රථම වතාවට සංඝාඥාවත් තහනම් කරයි….ජනතාව අන්දවා හෙට එකගතා ලිපි අත්සන් තබයි…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රටේම් ජනතාව ගොනාට අන්දවමින් හෙට හම්බන්තොට වරාය චීන සමාගමට පැවරීමේ ගිවිසුමට අදාළ එකගතා ලිපියකට සහ හම්බන්තො‍ට ඉඩම් අක්කර 15000ක් චීන ආයෝජකයින්ට ලබා දිම සඳහා වු ආයෝජන ගිවිසුමට අදාළ එකඟතා ලිපියකය අත්සන් තැබිමට කටයුතු සියල්ලම යොදවා තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ජනවාරි 07 වැනිදා හම්බන්තොට වරාය චීන සමාගමට පැවරීමේ ගිවිසුමට අත්සන් තැබිමට රජය එකඟතාව පලකර තිබුනද විපක්ෂයෙන් සහ රටේ ජනතාවගෙන් එල්ල වු බලපෑම් හමුවේ අදාළ ගිවිසුම් මේ මස 24 -26 අතර දිනකදි අත්සන් තැබිමට රජය එකඟ පලකර තිබේ.නමුත් හෙට හම්බන්තොට මිරිජ්ජවිල පිහිටි ආයෝජන කලාප පරිශ්‍රයේ පැවැත්වෙන උත්සවයට අදාළ සමාගම් නිළධාරින් සහ චීන රජයේ දුතයින් සහභාගි විමට නම අදාළ එකඟතා ලිපිය ඉල්ලා තිබේ. ඒ අනුව හෙට උත්සවය අතරතුර සංකේතයක් ලෙස දෙපාර්ශ්වයම එම එකගතා ලිපියට අත්සන් තැබිමට නියමිතයි..

මේ අතර ඉතිහාසයේ ප්‍රථම වතාවට සංඝාඥාවත් තහනම් කරමින් මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න ඊයේ (06) අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.ඊට අමතරව හම්බන්තොට පරිපාලන සංකීර්ණය හා යෝජිත කර්මාන්ත පුරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වීම දින 14කට තහනම් කර තිබේන අතර මෙම අතුරු තහනම භික්ෂුන් වහන්සේ නම නමකටද හිටපු කථානායක චමල් රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 26 දෙනකුට නිකුත් කිරීමට කටයුතු යොදවා තිබේ.

ඊයේ මධ්‍යම රාත්‍රීය වනවිටත් නීතිය,සාමය පිළිබඳව වු අමාත්‍ය සාගල රත්නායක සහ පොලිස්පති පුජිත් ජයසුන්දර හම්බන්තොට රැදි සිටිමින් මුලු හම්බන්තොටම එකම පොලිස් රාජ්‍යයක් බවට පත්කර තිබේන බවද වාර්තා වේ.

දෙස් විදෙස් දේශහිතෛශී ශ්‍රී ලාංකිකයනි අපමණ බාධක මැද පවතවාගෙන යන www.lankanewsweb.today වෙබ් අඩවියට ඔබගේ සහයෝගය අවැසිම මොහොතයි මේ.