ප්‍රභාකරන්ගේ මස්සිනාගේ තර්ජනයෙන් සිරිසේනට අසනීප වෙයි…උතුරේ රණවිරු හමුවට ජනපති නෑ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදිසියේම අද අසනීපයෙන් පෙලෙන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.ඒ හේතුවෙන් අද යාපනයේ රණවිරුවන් මුණගැසීමේ අරමුණින් යාපනය බලා යැමට සංවිධානය කර ගමන නතරකර දම ඇති අතර හදිසියේ අසනීප විමක් ලෙස අදාළ ගමන නතර කිරිමට ජනපති කටයුතු කර තිබුනද එය ආරක්ෂක හේතුන් මත ගත් තින්දුවක් බවයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළේ.

අද පෙරවරු 11.00ට පලාලි පිහිටි ගුවන් හමුදා මුලස්ථානයට අයත් ගුවන් තොටුපලට ලඟා වීමට නියමිත ජනාධිපතිවරයා ඉන් අනතුරුව ත්‍රිවිධ හමුදාවේ ආචාර මධ්‍යයේ යාපනය නගරයට පැමිණීමට නියමිතව තිබු අතර පසුව යුද්ධයෙන් මියගිය ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් සහ පොලිස් භටයින්ට සිහිකිරීමේ අවස්ථාවකට එක්වීමට නියමිත අතර පසුව ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සියලුම ඉහළ පෙලේ නිලධාරීන්ව පලාලි පිහිටි ගුවන් හමුදා මධ්‍යස්ථානයේ ජනාධිපතිවරයා විසින් ආමන්ත්‍රණය කිරීමට නියමිතව තිබුනා.

මිට අමතරව ආණ්ඩුකාරවරයාගේ කාර්යාලය තුල ” Tell to President ” වැඩසටහනේ තවත් නිල කාර්යාලයක් විවෘත කිරීමට නියමිතව තිබුනා.

නමුත් පසුගියදා ප්‍රභාකරන්ගේ මස්සිනා වන ද්‍රවිධ සංවිධානයේ මන්ත්‍රී එන්. කේ. ෂිවාජිලිංගම්ගෙන් මාධ්‍ය හරහා ජනාධිපතිවරයාගේ යාපන සංචාරය සහ රණවිරුවන් හමුවිම දැඩි ලෙස විවේචන කල අතර එය සංහිඳියාවට මෙන්ම ජනාධිපතිගේ ජිවිතයටද තර්ජනයක් විය හැකි බවට තර්ජනාත්මක මත පලකර තිබුනා.මිට අමතරව ද්‍රවිධ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ද ජනාධිපතිවරයා උතුරේදි යුධ හමුදාව හමුවිම සහ යුද්ධයෙන් මියගිය ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් සහ පොලිස් භටයින්ට සිහිකිරීම පිළිබඳව අවස්ථා කිහිපයදි විරුද්ධ මත දරා තිබුනා.

ඒ හේතුවෙන් අදාල සංචාරයට සහභාගි නොවිමට ජනාධිපතිවරයා තිරණය කර තිබේන අතර එය තමන්ට හදිසියේ වැලදුන සෙම්ප්‍රතිශ්‍යාවක් මගින් දමා ජාම බේරා ගැනිමට කටයුතු කරමින් සිටින බවටද මේ වනවිට අනාවරණය වි තිබේ.

දෙස් විදෙස් දේශහිතෛශී ශ්‍රී ලාංකිකයනි අපමණ බාධක මැද පවතවාගෙන යන www.lankanewsweb.today වෙබ් අඩවියට ඔබගේ සහයෝගය අවැසිම මොහොතයි මේ.